











ප්‍රජා ශක්ති’ දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය
“ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක්”
වැඩසටහන - රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රත්මලාන නැගෙනහිර හා රත්මලාන බටහිර වසම් එක්ව ක්‍රියාත්මක කරන කාර්මික විද්‍යාල මධ්‍යස්ථානයේ “හෙළ බොජුන්” හලක් ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කිරීම.
දිනය : 2026.06.02
වේලාව : පෙ.ව. 9.30 සිට
ස්ථානය : රත්මලාන නැගෙනහිර වසමේ කාර්මික විද්‍යාලය






කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කල ජපන් විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටන 2026-03-07 පෙ.ව 11.00 ට රත්මලාන ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු ආයතනයේදි පැවැත්විණ. මෙම වැඩසටහන රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මියගේ මඟපෙන්වීම යටතේ වැඩසටන සංවිධානය කර තිබු අතර, වෛද්‍ය ප්‍රියන්ත පෙරේරා මහතා විසින් වැඩසටහන මෙහෙයවන ලදි. රත්මලාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරි එස්.එම්.එස් දීප්ති මහත්මියගේ අධික්ෂණය යටතේ මෙම වැඩසටන සංවිධානය කර තිබුණි. තරුණ සේවා නිලධාරී හේමචන්ද්‍ර මහතා, විදේශ රැකියා සංවර්ධන නිලධාරි චන්දිමාලා මහත්මිය, නිපුණතා සංවර්ධන නිලධාරි වීරසිංහ මහතා ඇතුලු ප්‍රතිලාභීන් 150 පමණ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විය.























