ප්‍රජා සහභාගිත්වය තුළින් පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර "අත්තම ජාතික" වැඩසටහන දෙවන අදියර - 2026.09.19 දින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මැතිනියගේ, රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස පොලිස් මූලස්ථාන නිලධාරීන්ගේ, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ගේ, දෙහිවල ගල්කිස්ස මහා නගර සභා නිලධාරීන්ගේ, වසම්භාර ප්‍රජා සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, බර්ජයා හෝටලයේ නිලධාරීන්ගේ සහ ප්‍රජාවගේ සහභාගිත්වයෙන්
.




















රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.09.02 වන බදාදා දින ප.ව 1.30 ට රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මැතිනිය, රත්මලාන ප්‍රාදේශීය ලේකම් එම්.එම්.කේ. දිල්රුක්ෂි වල්පොල මැතිණිය ඇතුලු විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් පැමිණි රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එහි දී රත්මලාන ප්‍රදේශයේ ආරක්ෂක තත්වය, කොට්ඨාශයේ ක්‍රියාත්මක ව්‍යාපෘති ප්‍රගතිය මෙන්ම ප්‍රදේශයේ පවතින ගැටලු රාශියක් පිළිබඳව සාකච්ජා කල අතර ඒවාට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග හා තීරණ ද ගනු ලැබීය
















ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2026.08.21 දින පවත්වන ලදී. ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහත්මයන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සංවිධානය කරනු කරනු ලැබූයේ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික බල මණ්ඩලය විසිනි. මේම වැඩසටහන සඳහා රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය, සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රී මධුරංගි මැතිණියද සහභාගි වන ලදී.








ළමාහිමිකමි නිලධාරි අජිත් ඒකනායක මහතා විසින් සංවිධානය කල ළමා සමාජ දරැවන්ගේ ක්‍රිකටි තරගාවලිය රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා රත්මලාන දුම්රියපොළ ක්‍රිඩාංගනයේදි පැවැත්විණ.



























