රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2025.08.29 සිකුරාදා දින පෙ.ව.ව.9.00 ට රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මැතිනිය,  රත්මලාන ‍ප්‍රාදේශීය ලේකම් එම්.එම්.කේ. දිල්රුක්ෂි වල්පොල ඇතුලු විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් පැමිණි රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්  පැවැත්විණි. එහි දී රත්මලාන ප්‍රදේශයේ සෞඛ්‍ය තත්වය ආරක්ෂක තත්වය 2025 වර්ෂයේ දී කොට්ඨාශයේ ක්‍රියාත්මක ව්‍යාපෘති ප්‍රගතිය මෙන්ම ප්‍රදේශයේ පවතින ගැටලු රාශියක් පිළිබඳව සාකච්ජා කල අතර ඒවාට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග හා තීරණ ද ගනු ලැබීය

Meeting 1 3Meeting 1 4Meeting 1 1Meeting 1 5

ශ්‍රී ඛේමානන්ද දහම් පාසල සඳහා ඵලදායිතා කාර්යාලයක් හඳූන්වාදීම

පුණ්‍යවර්ධනාරාමස්ථ ශ්‍රි ඛේමාන්නද දහම් පාසල තුළ විශේෂ අවශ්‍යතා ඇති (රත්මලාන අන්ධ විද්‍යාලය)දරුවන් ඉගෙනුම ලබන දහම් පාසලකි.මෙම දහම් පාසලේ දරුවන් 325 පමණ දහම් අධ්‍යාපනය ලබන අතර ගුරු භවතුන් 22 පමණ ඉගෙනුම් කටයුතුවල නිරතව සිටිති.වත්මන් විහාරාධිපති ප්‍රධානාචාර්ය පුජ්‍ය කෝන්ගමුවේ මේධංකර හිමිපාණන් වහන්සේගේ මඟපෙන්විම උපදෙස් මත දහම් පාසලේ කටයුතු සිදු කරනු ලබයි.

මෙම දහම් පාසලේ දහම් පාසල් කාර්යාලය නිර්මාණය කිරීම 2025/06/22 දින ආරම්භ කරන ලද අතර ඒ සදහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ඉවත් කරන ලද ලිපි ගොණු රදවන භාවිතයට ගන්නා ලදී.

 

රත්මලාන තරුණ සමාජ සමුළුවරත්මලාන තරුණ සමාජ සමුළුව
2025/07/20 ඉරිදා පෙ.ව. 10.00 ට රත්මලාන දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී ඒ.ජී.ආර්. හේමචන්ද්‍ර මහතාගේ සංවිධානාත්මක සහයෝගය ඇතිව රත්මලාන තරුණ සේවා කාර්යාලයේදී පැවැත්වේ.
මෙම අවස්ථාවට රත්මලාන සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසේකර මහත්මිය, රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.පී.එස්. මධුරංගි මහත්මිය, නගරාධිපති සහ නගරිත තරුණ දිස්ත්‍රික්කයේ පරිපාලන නිලධාරී සමන්ති මහත්මිය සහභාගී වූහ. විශේෂ අවස්ථා....
100005679110000567901000056789100005678710000567881000056786 10000567841000056785

 ළමයින් විශාල පිරිසකට උප්පැන්න සහතික නොමැතිව සිටින බවට ග්‍රාම නිලධාරීන් සංවර්ධන නිලධාරීන් අදහස් ඉදිරිපත් කිරීම නිසා ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් පරිදි  මේ සඳහා ව්‍යාපෘතියක් සකස් කරන ලෙස ළමා හ කාන්තා ඒ්කකයට පවරන ලදි. ඒ් අනුව ළමා හා කාන්තා ඒ්කකය විසින් ජංගම සේවා තුනක් පැවැත් වීමට තීරණය විය .ඒ් අනුව ප්‍රථම ජංගම සේවය 2025.07.22 වෙඩිකන්ද ග්‍රාම සේවා වසම මුල් කර ගෙන පවත්වන ලදි. මෙහිදී ළමයින් 37 දෙනෙකු හදුනා ගත් අතර එම ළමයින් සඳහා උප්පැන්න සහතික සකස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.

දෙවන ජංගම සේවය ගල්කිස්ස වසම මුල් කරගෙන හා තුන්වන ජංගම සේවය නැගෙනහිර රත්මලාන වසම මුල් කර ගෙන පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

වැඩසටහන - රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම
දිනය - 2025.05.16   
                                     
ස්ථානය  - රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය 
         
අරමුණ - රත්මලාන කොට්ඨාසයේ පවතින ගැටලු සාකච්ඡා කිරීම 
           
සහහාගී වූ නිලධාරින් - සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමිය,රත්මලාන ප්‍රාදේශීය ලේකම්තුමිය , සහකාර ප්‍රාදේශීක ලේකම්තුමිය , නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන ), ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ වෙනත්  රාජ්‍ය ආයතන නිලධාරීන් 122 දෙනෙකු 
                                       
සංවිධානය - සැලසුම් අංශය
 
IMG 20250522 WA0000
Scroll To Top