අපගේ දැක්ම
යුගයේ අභියෝග ජය ගනිමින් ජන හිතවාදි රාජ්‍ය සේවයේ ප්‍රාදේශීය කේන්ද්‍රස්ථානය වීමඅපගේ මෙහෙවර
මහජන හිතකාමී ආකල්ප පෙරදැරිව නව තාක්ෂණය යොදා ගනිමින් ව්‍යවස්ථාපිත මහජන සේවාවන් හා කොට්ඨාසයේ භෞතික හා සමාජ සංවර්ධනය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමහා කාර්යක්ෂම මහජන සේවයක් තුළින් ජන ජීවිත නංවාලීමමෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරී වසම් 13 කින් යුක්ත වන අතර 101,881 ක පමණ ජන සංඛ්‍යාවක් ජීවත් වේ. මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 13.17 ක් පමණ වේ. කාර්මික නගරයක් හා සංචාරක පුරවරයක් වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන රත්මලාන සුවිශාල කර්මාන්ත ශාලා මෙන්ම විවිධ නිෂ්පාදන සිදු කරන ආයතන විශාල සංඛ්‍යාවක් ඇත. එසේම අති රමණීය ගල්කිස්ස මුහුදු වෙරළ හා සංචාරකයින්ගේ සිත් ඇද බැඳ තබන දර්ශනීය පරිසරයක් මෙන්ම අති විශාල සංචාරක හෝටල් සහ සංචාරක නිකේතන විශාල ප්‍රමාණයක් ද රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි දක්නට ඇත.
එසේම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන අතින් සලකා බැලු විට ආරක්ෂක විද්‍යා පීඨය, රත්මලාන කාර්මික විද්‍යාලය, වෘත්තීය පුහුණු විශ්ව විද්‍යාලය. දෘෂ්‍යාබාධිතල ශ්‍රව්‍යාබාධිත පාසැල් ද රත්මලාන ගුවන් තොටුපල ද වැදගත් ස්ථානයක් ගනී.
එසේම අත්තිඩිය අභයභූමිය ආශ්‍රිතව තිබෙන පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය වන සොබාකෙත හා ඓතිහසික ගොනාබැඳි කෝවිල ද මෙම කොට්ඨාසයේ තිබිමෙන් මෙහි වැදගත්කම තව දුරටත් වැඩි වී තිබේ. එලෙසම ආගමික ස්ථාන වශයෙන් ගත් කලද රත්මලාන තුළ ඓතිහාසික වටිනාකමකින් යුක්ත විහාරස්ථාන කීපයක් දක්නට ලැබේ. ඒ අතරින් පරමධම්ම චේතිය පිරිවෙන, ශ්‍රී ධර්මාරාම පුරාණ විහාරය, මල්ලිකාරාමය, තපෝදනාරාමය සුවිශේෂී වැදගත්කමක් උසුලනු ඇත. මේ අනුව බලන විට රත්මලාන ඓතිහාසික වශයෙන්ද වැදගත්කමක් උසුලන අතර දැනට ශ්‍රී ලංකාව තුල රැකියා අවස්ථා බොහොමයක් උදා කර ඇති සුපතල කාර්මික නගරයක් ලෙස හදුන්වා දිය හැක.
Role performed at DS
| නම | වසරේ සිට | දක්වා |
| ජී කුලතුංග | 1992 | 1994 |
| බී.ඩී දිසානායක | 1990 | 1994 |
| කේ.ඒ තිලකරත්න | 1996 | 1996 |
| වාස් සුනිල් ගුණවර්ධන | 1997 | 2000 |
| ඩබ්. විජේසිංහ | 2001 | 2005 |
| ඩබ් කොඩිතුවක්කු | 2005 | 2008 |
| ප්‍රදීප් යසරත්න | 2008 | 2011 |
| ස්වර්ණ විමලවීර | 2011 | 2011 |
| ප්‍රදීප් රත්නායක | 2011 | 2013 |
| ඩී.ඒ හේමසිරි පියතිලක | 2013 | 2020 |
| හිමාලි කරුණාරත්න | 2020.01.02 | 2025.03.16 |
| එම් එම් කේ දිල්රුක්ෂි වල්පොල | 2025.03.17 |















