ආයතන අංශය

රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ කෙසේද?

කොළඹ සිට ගාලුපාරෙන් පැමිණීමේදි ගල්කිස්ස මං සන්ධිය පසු කරගෙන රත්මලාන ඩිපොව ඉදිරිපස ගොඩනැගිල්ල.

පානදුර සිට ගාලුපාරෙන් පැමිණීමේදි ගල්කිස්ස පොලිසිය පසු කරගෙන රත්මලාන ඩිපොව ඉදිරිපස ගොඩනැගිල්ල.

ගූගල් සිතියම https://maps.app.goo.gl/XyBZEwJWvjSoBvYKA

 

ග්‍රාම නිලධාරි වසම් අංක පිළිබඳ විමසීම

 

මෙම සබැඳියෙන් ලබාගත හැකිය

http://ratmalana.ds.gov.lk/index.php/en/administrative-structure/gn-divisions.html

 

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී අයිතිකරු පැමිණිය යුතුද?

 

බස්නාහිර පළාතේ (Western Province) ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීමේදී, අයිතිකරු පෞද්ගලිකවම පැමිණීම අනිවාර්ය නැත.

කෙසේ වෙතත්, ක්‍රියාවලිය පහසු කර ගැනීම සඳහා ඔබ පහත කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුය:

අයිතිකරුට පැමිණිය නොහැකි නම්, වෙනත් අයෙකුට අයදුම්පත භාර දිය හැකිය. නමුත් එහිදී:

අයිතිකරු විසින් අදාළ අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර, අත්සන් කර තිබිය යුතුය.අයිතිකරුගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.

අයදුම්පත රැගෙන යන පුද්ගලයා තමා කවුදැයි සනාථ කිරීමට ඔහුගේ/ඇයගේ හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුය.

වැඩි විස්තර මෙම සබැඳියෙන් ලබාගත හැකිය

https://bnr.wp.gov.lk/sin/

 

සමාජ සේවා අංශය

ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු. 45000/= පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?

 ගර්භණී මව්වරුන්ට ලබා දෙන පෝෂණ දීමනාව ලබා ගැනීමට, ඔබ ගැබ්ගෙන මුල් මාස 3 ඇතුළත

ආසන්නතම මාතෘ සායනයේ ලියාපදිංචි වී, ග්‍රාම නිලධාරී හරහා හෝ මුල් ළමාවිය සංවර්ධන නිලධාරියා මාර්ගයෙන් අයදුම්පතක් පුරවා භාර දිය යුතුය.

ලබාගන්නා ආකාරය:

   සුදුසුකම්: මාතෘ සායනයක ලියාපදිංචි ගර්භණී මවක් විය යුතුය.

   අයදුම් කිරීම: ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරියා හෝ ග්‍රාම නිලධාරී හරහා අයදුම්පත් ලබාගෙන පුරවා ලබා දිය යුතුය.

   අවශ්‍ය ලියකියවිලි: ජාතික හැඳුනුම්පත (NIC), මාතෘ සායන පොත (Clinic Book), සහ ග්‍රාම නිලධාරී සහතිකය.

 

අධ්‍යාපන ආධාර ලබා ගත හැකි අය කවුරුන්ද?

අඩු ආදායම්ලාභී පවුල්වල, විශේෂ අවශ්‍යතා සහිත, ආපදාවට ලක්වූ හෝ දෙමාපියන් අහිමි/ආබාධිත පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආධාර ලබා ගත හැක. සමෘද්ධි සිප්දොර, ජනාධිපති අරමුදල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා රු. 10,000 දක්වා අධ්‍යාපන උපකරණ හෝ මාසික ශිෂ්‍යාධාර මෙයට ඇතුළත් වේ

අධ්‍යාපන ආධාර සඳහා සුදුසුකම් ලබන අය:

   අඩු ආදායම්ලාභී පවුල්: මාසික ආදායම රු. 6,000ට වඩා අඩු පවුල්වල දරුවන්.

   විශේෂ අවශ්‍යතා සහිත දරුවන්: ආබාධිත දරුවන් හෝ ආබාධිත භාරකරුවන් සිටින දරුවන්.

   ආපදාවට ලක්වූවන්: ස්වාභාවික ව්‍යසන හෝ අනතුරු හේතුවෙන් අධ්‍යාපනයට බාධා වූ පාසල් සිසුන්.

   දෙමාපියන් අහිමි/ආබාධිත දරුවන්: පියා මියගොස් ඇති හෝ සුව කළ නොහැකි ආබාධයකින් පෙළෙන සිසුන්.

   විශ්වවිද්‍යාල සිසුන්: උපාධි අපේක්ෂකයන් සඳහා මාසික ආධාර (උදා: රු. 1500).

අයදුම් කළ හැකි ක්‍රමවේද:

   ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය.

   ග්‍රාම නිලධාරී හරහා.

  

රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය හරහා අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය අයදුම්පත්‍රය සම්පූර්ණ කර, ව්‍යවස්ථාව, ක්‍රියාකාරී සැලැස්ම සහ මූල්‍ය වාර්තා ඇතුළු ලිපිලේඛන ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශවල නිෂ්කාශන වාර්තා (Clearance Reports) ලබා ගැනීමෙන් පසු ලියාපදිංචි සහතිකය නිකුත් කෙරේ

වැඩි විස්තර මෙම සබැඳියෙන් ලබාගත හැකිය

https://sinhala.ngosec.gov.lk/our-services/registration-of-ngos

 

සමෘද්ධි ප්‍රතිලාභය අලුතින් ලබා ගත හැකිද?

 

වැඩි විස්තර මෙම සබැඳියෙන් ලබාගත හැකිය

http://www.samurdhi.gov.lk/

 

වැඩිහිටි ආධාර ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද?

 

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ආධාර ලබා ගැනීමට වයස අවුරුදු 70ට වැඩි විය යුතු අතර, අඩු ආදායම්ලාභී හෝ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති අයෙකු විය යුතුය. මෙය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබාගත හැකි වන අතර සමෘද්ධි ලාභීන් නොවන, ආර්ථික පීඩනයෙන් මිරිකී සිටින වැඩිහිටියන් මෙයට ප්‍රධාන වශයෙන් සුදුසුකම් ලබයි.

අවශ්‍ය මූලික සුදුසුකම්:

   වයස: වයස අවුරුදු 70 හෝ ඊට වැඩි විය යුතුය.

   ආදායම් මට්ටම: ස්ථිර මාසික ආදායමක් නොමැති හෝ ඉතා අඩු ආදායම්ලාභී අය විය යුතුය.

   සුභසාධන තත්ත්වය: දැනට සමෘද්ධි දීමනා හෝ වෙනත් රජයේ නිත්‍ය විශ්‍රාම වැටුපක් නොලබන අය.

   පදිංචිය: අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු විය යුතුය.

   අතහැර දැමූ/අසරණ: දරුවන් හෝ ආදායම් මාර්ග නොමැතිව හුදෙකලා වූ වැඩිහිටියන්

 

 

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය

 

උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?

 උප්පැන්න සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ උපත සිදුවූ ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.

    • අදාල සහතිකය දත්ත පද්ධතියේ ඇත්නම්, ඔබට ආසන්නයේම ඇති ඔිනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින් එහි සහතික පිටපත් ලබාගත හැකියි.
    • 1960.01.01 වන දින සිට 2020.12.31 දින දක්වා වූ සහතික වල පිටපත් පද්ධතිය මගින් ලබා ගත හැකිය. (දත්ත පද්ධතියේ ඇත් ද යන්න ඔබට ආසන්නයේම ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් පරික්ෂා කර තහවුරු කර ගත හැකිය.)
  • අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන්.
  • අයකරනු ලබන ගාස්තු,
    • උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට - එක පිටපතකට ගාස්තුව රු.120.00
    • උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, (වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන බැවින්) - එක පිටපතකට ගාස්තුව රු.250.00
  • අදාල ගාස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ලංකා බැංකුවේ (බත්තරමුල්ල ශාඛාවේ) 7039827 දරණ ගිණුම් අංකයට ගෙවීම් කර, එහි දී ලබා දෙනු ලබන ලදුපත (Bank Slip) සහ සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය, අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර සහතික පිටපත් ඉල්ලුම් කල හැකිය. ස්වයංක්‍රිය ට්‍රේලර් යන්ත්‍ර මගින් කරනු ලබන ගෙවීම් හෝ Online payment භාරගනු නොලැබේ.
  • උප්පැන්න සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම්, ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්, ඉල්ලුම් පත්‍රය හා ඉහත දක්වා ඇති පරිදි මුදල් ගෙවූ රිසිට්පත ද සමග ඉදිරිපත් කල යුතුය.
  • උපත ලියාපදිංචි වී තිබේ නම්, අදාල උප්පැන්න සහතිකයේ ඉල්ලුම් කර ඇති පිටපත් සංඛ්‍යාව ගෙවන ලද මුදල අනුව නිකුත් කරනු ලබන අතර උපත ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව B38 ආකෘතිය මගින් දන්වා යවනු ලැබේ.

** එසේම https://online.ebmd.rgd.gov.lk වෙත පිවිසීමෙන් Online ක්‍රමවේදය ඔස්සේ සහතික පිටපත් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.

 

උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?

 

  • සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
  • මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.

 

උප්පැන්න සහතිකයේ සංශෝධන කටයුතු සිදු කරන්නේ කෙසේද?

 

  • උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක,
    • 01 තීරයෙහි විස්තර - උපන් දිනය සහ උපන් ස්ථානය
    • 02 තීරයේ නමක් ඇතුලත් කර නොමැති අවස්ථාවක, නමක් ඇතුලත් කිරීමට හෝ උප්පැන්න ‌ලේඛණයක ඇතුලත්ව ඇති නමක් පසුව වෙනස් කිරීමට
    • 03 තීරයෙහි විස්තර - ස්ත්‍රී/පුරුෂ භාවය
    • 04 තීරයෙහි විස්තර පියාගේ තොරතුරු (ජාතිය හැර) සංශෝධනය කිරීමට
    • 05 තීරයෙහි විස්තර - මවගේ තොරතුරු සියල්ල 
    • 06 තීරයෙහි විස්තර - මව්පියන් විවාහක/අවිවාහක බව
    • 07 තිීරයෙහි විස්තර - මුත්තාගේ තොරතුරු
    • 09 තීරයෙහි විස්තර - දැනුම් දෙන්නාගේ තොරතුරු

         සංශෝධනය කිරීම කළ හැකිය.

  • ඊට අදාළ ප්‍රකාශ පත්‍රය, උපත සිදුවූ ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතුය.
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
    • උප්පැන්නය හිමි තැනැත්තා
    • පියා හෝ මව
    • නීත්‍යානූකුල භාරකරු
    • උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු
  • ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 60.00 කි.
  • ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පැන්න ලේඛණයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය. ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි ඒ සමඟ ඉදිරිපත් කල යුතුය.
  • ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් ඔබගේ පහසුව සඳහා පහත දක්වා ඇත.
    • මව්පියන්ගේ විවාහ සහතිකයේ සහතික කල පිටපතක්
    • දරු නාමාවලිය/ සහෝදර නාමාවලිය
    • පියාගේ හා මවගේ උප්පැන්න සහතික වල සහතික කල පිටපත්
    • මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්න ලේඛනයක සහතික කල පිටපතක්
    • විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්න ලේඛනයක සහතික කල පිටපතක්
    • ආරෝග්‍යශාලා, මාතෘ නිවාසවල ඇති සටහන්වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත්
    • ශිෂ්‍ය කාර්ය දර්ශනය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛණයේ උපුටනය
    • විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක්
    • පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකයේ සහතික කල පිටපතක්

 විශ්‍රාම වැටුප් අංශය

 

සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද?

 

  • පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
  • වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
  • පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
    • විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
    • විවාහ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
    • වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
    • වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
    • ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
    • ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
  • අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.

විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප නතර කර ඇත්තේ ඇයි?

  • අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
  • විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
  • පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම..

 

වැන්දඹුව මියගිය පසු විශ්‍රාම වැටුප උරුමකරුවන්ට ගෙවන්නේ නැත්තේ ඇයි?

වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම

 

Scroll To Top