78 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙණ විහාරස්ථානයේ නිදහස් දින උත්සවයක් සංවිධානය කර තිබිණි. පරමධම්මචේතිය මහ පිරිවෙන් විහාරාධිපති පූජ්‍යපාද මාඉටිපේ විමලසාර නාහිමිපාණන්ගේ ප්‍රධාන අනුෂාශකත්වයෙන් මෙම නිදහස් දින උත්සවය සංවිධානය කර තිබු අතර, මෙම නිදහස් දින උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිනි සමන්මලී ගුණසිංහ මැතිණිය, රත්මලාන ප්‍රාදේශීය ලේකම් එම්.එම්.කේ. දිල්රුක්ෂි වල්පොල මැතිණිය. පොලිස් අධිකාරි තුමන් ඇතුලු දේශාපාලන තන්ත්‍රය නියෝජනය කරමින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුලු සම්භාවනිය ආරාධිතයන් රැසක් සහ විවිද ආගම් නියෝජනය කරන පිරිස්, කලාකරුවන්, දහම් පාසල් ළමුන්, ප්‍රාදේශවාසින් ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.




දහම්පාසල් ශ්‍රේණි විභාගය - 2025
රත්මලාන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී බඹරපනේ සුගතනන්ද හිමියන්,බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරි ඉළුඹකන්දේ විනීත හිමියන් ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල හා බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී නිලන්ති පරණගම යන නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් රත්මලාන ශාසනාරක්ෂක මණ්ඩලයේ විභාග මධ්‍යස්ථාන (09 ) නවයක සාර්ථකව පවත්වන ලදී ලදී.





ප්‍රාදේශීය සාහිත්‍ය තරග ත්‍යාග හා සහතික පත් ප්‍රදානය 2025/12/12 වන දින රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලි ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂී වල්පොල මහත්මියගේ සහ රත්මලාන සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රී මදුරංගි මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පවත්වන ලද අතර මේ අවස්ථාව සඳහා රත්මලාන සංස්කෘතික බල මණ්ඩල සභාපති මහාචාර්ය කමල් වලේගොඩ මහතා ඇතුළු බල මණ්ඩල සාමාජික සාමාජිකාවන් ජයග්‍රාහී දූ දරුවන් කලාකරුවන් දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය...ප්‍රවීණ සංගීතවේදී සුගත් සමරසිංහ මහතා විසින් වටිනා සංගීත රසවින්දන වැඩසටහනක් ද පවත්වන ලදී.








තවත් කියවන්න: ප්‍රාදේශීය සාහිත්‍ය තරග ත්‍යාග හා සහතික පත් ප්‍රදානය 2025/12/12
රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලැබූ තෛපොංගල් උත්සවය 2026/01/21 වන දින පවත්වන ලදී. හින්දු සම්ප්‍රදානූකූලව පොංගල් බත පිසීමත්, කාර්යාලයීය නිලධාරීන් අතර කෝලම් රටා නිර්මාණ ඇගයීමේ වැඩසටහනක්ද, කෙටි සංස්කෘතික උත්සවයක් ද පවත්වන ලදී. රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ශි වල්පොල මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රී මධුරංගි මහත්මිය, ගණකාධිකාරි ශානිකා ප්‍රනාන්දු මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන පවත්වන ලදී.














රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක උසස් සේවාවක් සැපයීමේ අරමුණින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රත්මලාන "විදාතා සම්පත් මධ්‍යස්ථානය" පිරිවෙන ග්‍රාම නිලධාරී කාර්යාලය ඉදිරිපිට නව ගොඩනැගිලි පරිශ්‍රයේ දි 2026 ජනවාරි 12 වන දින ආරම්භ කළ වගයි. එදින රත්මලාන ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, ගණකාධිකාරිතුමිය, කොළඹ දිස්ත්‍රික් විදාතා නිලධාරීතුමිය, කොළඹ දිස්ත්‍රික් ව්දාතා මධ්‍යස්ථානය නිලධාරීන්, පිරිවෙන ග්‍රාම නිලධාරීතුමිය, සංවර්ධන නිලධාරීතුමා හා රත්මලාන ප්‍රාදේශීය කාර්යාලීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සුභ මොහොතින් විවෘත කෙරිණි.






















