වැඩසටහන : අවිධිමත් අංශයේ වෘත්තීය සංවර්ධන වැඩසටහන 2026 යටතේ ගෘහාශ්‍රිත රස කැවිලි හා කෙටි කෑම නිෂ්පාදනය කරන්නන්ගේ වෘත්තීය සංවර්ධන වැඩසටහන.
රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ මෙම ක්ෂේත්‍රයේ නියැලෙන්න්ගේ නිෂ්පාදන වඩාත් සෞඛ්‍යාරක්ෂිතව සහ ගුණාත්මක භාවයෙන් යුතුව නිෂ්පාදනය කිරීමටත් , තත්ත්වයෙන් උසස් නිෂ්පාදනයක් වෙළඳ පොළට හදුන්වා දීමට අවශ්‍ය ඇසුරුම්කරණය, අවශ්‍ය තත්ත්වය සහතික ලබා ගැනීම සහ ව්‍යාපාරය තුල අවශ්‍ය වන ගිණුම්කරණය පිළිබඳව මෙහි දී ප්‍රතිලාභීන්දැනුවත් කරන ලද අතර
ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුල පවතින අඩුපාඩු , දුර්වලතා , ලඟා කරගතයතු දෑ සහ පවතින හිඩැස් සමූර්ණ කිරීමට අවශ්‍ය දැනුම සහ මඟ පෙන්වීම මෙමගින් සිදු කරන ලදි.
පෑවෑත් වූ ස්ථානය: ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය, රත්මලාන.
දිනය : 2026/08/06
සම්පත් දායකත්වය : ගාමිණී සාලිය මහතා, මහජන සෞඛ්‍ය පරීක්ෂක, දෙහිවල ගල්කිස්ස මහනගර සභාව. දමිත් ජයතිලක මහතා, විද්‍යා හා තාක්ෂණ නිලධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රත්මලාන.
සනත් මල්ලවාරච්චි මයා , මානව සම්පත් සංවර්ධන නිලධාරී
අජිත් සමන්ත මයා , මානව සම්පත් සංවර්ධන නිලධාරී
(මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව)
වැඩසටහන සංවිධානය සහ මෙහෙයවීම : ෂර්මිලා ප්‍රේමචන්ද්‍ර, මානව සම්පත් සංවර්ධන නිලධාරි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.






වැඩසටහන: 9 ශ්‍රේණිය සිසුන් සඳහා වන ඛාණ්ඩ විෂයයන් තෝරා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන.
මෙහිදී බහු විධ බුද්ධි න්‍යාය මනෝමිතික පරීක්ෂණය සිදුකිරීම, එමගින් දරුවන්ට තම බුද්ධි වර්ගය හඳුනා ගැනීම හා ඒ ඔස්සේ ඛාණ්ඩ විෂයයන් තෝරා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශය ලබා දි දරුවන්ට තනි තනි ව තමන්ට ගැළපෙන විෂයයන් තේරීම සිදු කරන ලදි.
ස්ථානය: බෞද්ධ බාලිකා විදුහල , ගල්කිස්ස
දිනය: 2026/08/05
සම්පත් දායකත්වය: ආනන්ද විජේකෝන් මහතා , වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරී, සනත් මල්ලවාරච්චි මහතා , මානව සම්පත් නිලධාරී ( මිනිස්බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව)
ෂර්මිලා ප්‍රේමචන්ද්‍ර, මානව සම්පත් සංවර්ධන නිලධාරී , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රත්මලාන.





ප්‍රජා සහභාගිත්වය තුළින් පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර "අත්තම ජාතික" වැඩසටහන - රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් පරිදි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සමන්මලී ගුණසිංහ මැතිණිය,සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන්, වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තු නිලධාරීන්ගේ, පාබල බල සේනා මූලස්ථාන නිලධාරීන්ගේ, ගල්කිස්ස පොලිස් මූලස්ථාන නිලධාරීන්ගේ සහ දෙහිවල ගල්කිස්ස මහා නගර සභා නිලධාරීන්ගේ, වසම්භාර ප්‍රජා සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, සමාජ සේවා නිලධාරී, තරුණ සේවා නිලධාරී, ග්‍රාම සංවර්ධන නිලධාරී, ගල්කිස්ස ප්‍රජා ශක්ති කමිටු සාමාජිකයන්ගේ සහ ප්‍රජාවගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන 2026.08.08 වන දින ගල්කිස්ස ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ දී පැවැත්විණ.




















වැඩසටහන - පවුල් පාදක කරගත් දරුවන්ගේ පරිපූර්ණ පෞරුෂය සංවර්ධනය කිරීමේ වැඩසටහන
දිනය - 2026-08-10
ස්ථානය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - රත්මලාන
සම්පත්දායකත්වය - මහාචාර්ය දුමින්ද ගුරුගේ - ශ්‍රීලංකා රජරට විශ්ව විද්‍යාලය
විශේෂ සහභාගිත්වය - නිල්මිණි හේරත් මහත්මිය - අතිරේක ලේකම් (සංවර්ධන) - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
දිල්රුක්ෂි වල්පොල මහත්මිය - ප්‍රාදේශීය ලේකම් - රත්මලාන
දිලිනි කළුආරච්චි මහත්මිය - වනිතා සංවර්ධන නිලධාරි - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
ප්‍රතිලාභින් - කාන්තාවන්,ගර්භණී මව්වරුන් ,පෙර පාසල් ගුරුවරියන්, දරුවන්








ප්‍රජා ශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යටතේ ප්‍රජා සංවර්ධන සභා බලගැන්වීම සඳහා ප්‍රජා සංවර්ධන සභාවේ ප්‍රජානියෝජිතයින් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් කුඩා ව්‍යාපාර සහකාර අධ්‍යක්ෂතුමියගේ සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීගේ සම්පතදායකත්වයෙන් මෙම වැඩසටහන 2026.08.04 වන දින රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.





















