ළමයින් විශාල පිරිසකට උප්පැන්න සහතික නොමැතිව සිටින බවට ග්‍රාම නිලධාරීන් සංවර්ධන නිලධාරීන් අදහස් ඉදිරිපත් කිරීම නිසා ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් පරිදි  මේ සඳහා ව්‍යාපෘතියක් සකස් කරන ලෙස ළමා හ කාන්තා ඒ්කකයට පවරන ලදි. ඒ් අනුව ළමා හා කාන්තා ඒ්කකය විසින් ජංගම සේවා තුනක් පැවැත් වීමට තීරණය විය .ඒ් අනුව ප්‍රථම ජංගම සේවය 2025.07.22 වෙඩිකන්ද ග්‍රාම සේවා වසම මුල් කර ගෙන පවත්වන ලදි. මෙහිදී ළමයින් 37 දෙනෙකු හදුනා ගත් අතර එම ළමයින් සඳහා උප්පැන්න සහතික සකස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.

දෙවන ජංගම සේවය ගල්කිස්ස වසම මුල් කරගෙන හා තුන්වන ජංගම සේවය නැගෙනහිර රත්මලාන වසම මුල් කර ගෙන පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

Scroll To Top