සතුටු රටක් ක්ලීන් ශ්රී ලංකා විශේෂ ජන සත්කාරක වැඩසටහන
රත්මලාන ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි ජනතාවගේ දීර්ඝකාලීනව නොවිසඳුණු ගැටළු සඳහා කඩිනම් සහන සැලසීමේ අරමුණින් ජන සත්කාරක වැඩසටහනක් මැයි මස 18 දින පෙ.ව 8.30 සිට ප.ව 3.00 දක්වා රත්මලාන ප්රාදේශීය මහලේකම් කාර්යාලයේදි පැවැත්විණ. මීට සමගාමීව රැකියා පොළක්ද පැවැත් වූ අතර, රත්මලාන කොට්ඨාසයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් රැකියා ගත කිරීම මෙහි අරමුණ විය. මේ සඳහා පුද්ගලික ආයතන මෙන්ම, වෘත්තීය පුහුණු ආයතන රැසකගේ සහභාගිත්වයෙන් සම්මුඛ පරික්ෂණ තුළින් රැකියා අවස්ථා සඳහා පිරිස තොරා ගැණුණි. මෙම විශේෂ වැඩසටන රත්මලාන ප්රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් සහ පූර්ණ මඟපෙන්වීම යටතේ සිඳු වූ අතර, මාණ්ඩලික නිලධාරින්ගේ සහ රත්මලාන ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සංවිධානයෙන් මෙම වැසටහන ක්රියාත්මක විය



























