2021.10.13 දින වෙඩිකන්ද වෙරළ තීරයේ දැනුවත් කිරීම

කොරොනා වංසගතය ව්‍යාප්තිය සමඟ දරුවන් අධ්‍යාපනය කඩා වැටිමකට ලක්ව ඇත. එමෙන්ම පාසල් හැරගිය දරුවන් නිශ්චිත විධිමත් වැඩපිළිවළිකින් තොරව සමාජගත වීම නිසා යම් යම් සමාජ අර්බුදයන් නිර්මාණය වීම සිදුවේ. වෙරළ තීරයෙ දරුවන් අතරමඟ අධ්‍යාපනය අතරමඟ නතර වීම සුලබ වී ඇති අතර කොරොනා වසංගතය නිසා එය තවදුරටත් වර්ධනය වී ඇත. දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තොරතුරු එකතු කිරීම හා ඔවුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ මඟ පෙන්වීම මත ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරී විසින් 2021 ඔක්තෝම්බර් 13 දින සංවිධානය කර ලදි.
ඒ අනුව ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී ඉරුක ජයසිංහ මහතා දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින ගැටළු සම්බන්දයෙන් ද, ප්‍රාදේශීය ප්‍රජා විශෝධන නිලධාරී ටී.එම් නිරෝෂන් මහතා සහ ප්‍රාදේශීය අන්තරායක ඖෂධ පාලන උපදේශන නිලධාරී ගෞරි කරුණාතිලක මහත්මිය දරුවන් හා තරුණයන් මත්ද්‍රව්‍යවලට යොමු වීම සම්බන්ධයෙන් වන ගැටළු සම්බන්ධයෙන්ද, ප්‍රාදේශීය නිපුණතා සංවර්ධන නිලධාරී ඩී.පී වීරසිංහ මහතා සහ රත්මලාන කාර්මික විද්‍යාල වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරී ජයසිංහ මහතා පාසල් හැර ගිය දරුවන් 100ක් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් ද දැනුවත් කිරිමේ හා තොරතුරු එකතු කිරීම සිදු කළහ.


























