2022.07.01 ‘මාතෘ අභිමානී‘ ගර්භනී මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය හා රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ‘මාතෘ අභිමානී‘ ගර්භනී මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ මූලිකත්වයෙන් 2022 ජුලි මස 01 දින මිහිඳු මාවත, බටහිර කවුඩානෙහි ස්ථාපිත ළමා හා මාතෘ සායනයේ දී පැවැත්වින. රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රි මධුරංගී මහත්මියගේ මඟපෙන්වීම මත මුල් ළමා විය සංවර්ධන නිලධාරී භාග්‍ය කන්ද උඩ මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි. වැඩසටහන සඳහා සම්පත්දායකත්වයෙන් වෛද්‍ය චන්දිමා පෙත්තාවඩු මහත්මිය සම්බන්ධ වූ අතර රත්මලාන සමාජ සේවා අංශයේ උපදේශන නිලධාරී වත්සලා එදිරිසිංහ මහත්මිය ඇතුළු නිලධාරීන් වැඩසටහන සඳහා සම්බන්ධ විය.















