2022.06.24 ව්‍යවසායකයින්ගේ  ව්‍යාපාර ඇගයිම

 
2022.06.24 ව්‍යවසායකයින්ගේ  ව්‍යාපාර ඇගයිමේ වැඩසටහන 
2022 ජුනි  මාස 24 දින රත්මලාන කොට්ඨාසයේ වයවසායකයන්ගේ  ව්‍යාපාර ඇඟයිමේ වැඩසටහනක් රත්මලාන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සිදු කරන ලදී. එමඟින් වයාපාර වල පවතින ගැටළු සදහා අවශ්‍ය සේවා සැපයීමට හඳුනාගැනීම සිදුවිය. රත්මලාන ප්‍රාදේශීය මහ ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රී මධුරංගී මහත්මියගේ මඟපෙන්වීම හා උපදෙස් පරිදි මෙම වැඩසටහන පැවැත්විය. වයාපාර අධීක්ෂණය හා උපදේශන  සදහා  ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී එල් .බී.එල්.අයි ලද්දුසිංහ  මෙනවිය සහභාගී වූ අතර රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  කුඩා වයාපාර සංවර්ධන නිලධාරී ඩී.එල්.ජී ගිම්හානි මහත්මිය විසින් වැඩසටහන සංවිධානය හා මෙහෙයවීම සිදු කරන ලදී.

Scroll To Top