2022.06.23 වියළි ආහාර පාර්සල් බෙදා දීම - රත්මලාන (වෙඩිකන්ද)

 රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙඩිකන්ද ග්‍රාම නිළධාරී වසමේ අඩු ආදායම්ලාභී දිළිඳු ජනතා සඳහා රු. 5100/= ක් වටිනා වියළි ද්‍රව්‍ය අඩංගු පාර්සල් 100ක් බෙදාදීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2022.06.23 වන දින පවත්වන ලදී. මෙම අවස්තාව සඳහා කොළඹ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සේනක සිල්වා හා කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල නාගහවත්ත යන මහත්වරුන් ද සහභාගි වූ අතර සම්බන්ධීකරණ කටයුතු රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මිය හා වෙඩිකන්ද ග්‍රාම නිළධාරී ජී. ඉරෝෂන් මහතා විසින් සිදුකරන ලදී.
රත්මලාන සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, සමාජ සේවා නිළධාරී, ආපදා සහන නිළධාරී වසම් සංවර්ධන නිලධාරී ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Scroll To Top