'අහරින් සපිරි කොළොන් තොටක්' වැඩසටහන යටතේ කාන්තා කාර්ය සංවිධාන සමාජිකාවන් දැනුවත් කිරීම

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ නායකත්වය හා අධීක්ෂණය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ගෙවතු වගාව සඳහා ජනතාව පෙළඹවීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන 'අහරින් සපිරි කොළොන් තොටක්' රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වැඩසටහනෙහි තවත් පිවරක් 2022 ජුනි මස 07 වන දින රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ මඟ පෙන්වීම යටතේ රත්මලාන කොට්ඨාසයේ කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් සඳහා ගෙවතු වගා වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීම මෙහිදි සිදුවිය. දෙහිවල දැනුම සහ මඟපෙන්වීමේ ආයතනය සහ රම්‍යා ලංකා ආයතනය සම්බන්ධ කරගනිමින් සංවිධානය කළ වැඩසටහන සඳහා රත්මලාන වනිතා සංවර්ධන නිලධාරී සාගරිකා රාජපක්ෂ මහත්මිය, මානව සම්පත් සංවර්ධන නිලධාරී ෂර්මිලා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී අජිත් ඒකනායක මහතා සම්බන්ධ විය. වැඩසටහන සඳහා ගෙවතු වගාවන් කරන කාන්තාවන් 35 දෙනෙකු සම්බන්ධ විය.















