2022.03.14 දරුවන් වෘත්තීය පුහුණුවට යොමු කිරීම පිලිබඳව දෙමව්පියන් දැනුවත් කිරීම

රත්මලාන ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ, වෘත්තීය පුහුණු පාඨමාලාවලට සිසුන් යොමු කිරීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022 මාර්තු14 දින අත්තිඩිය පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වින. පාසල් හැරගිය දරුවන් වැඩි වශයෙන් වෘත්තීය පුහුණු පාඨමාලාවලට සිසුන් යොමු කිරීම වැඩසටහනේ අරමුණ විය. රත්මලාන ප්රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ මුලිකත්වයෙන් යුතුව මෙම වැඩසටහන නිපුණතා සංවර්ධන නිලධාරි විරසිංහ මහතා විසින් සංවිධානය කරන ලදි.















