ආහාර මලු 200 ක් බෙදාදීම

පවතින ආර්ථික ගැටලු හමුවේ පීඩාවට පත් දෙමාපියන් අහිමි දරුවන් ,ආබාධිත දරුවන්,මව්කිරි බොන දරුවන් හා දැඩ් ලෙස ආර්ථික ගැටලු වලට මුහුණ දී ඇති දරුවන් සිටින පවුල් වලට රුපියල් 8000/= වට්නා වියලි ආහාර මල්ලක් ලබාදීමට කටයුතු කරන ලදි . ආහාර මලු 200 ක් බෙදාදීම අදියර දෙකකින් පවත්වන ලදි. මේ සදහා අනුග්‍රහය Muslim Aid ආයතනය විසින් සපයන ලදි . මෙම ආහාර ද්‍රව්‍ය ප්‍රාදේශීය ලේකම් තුමියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ මූලිකත්වයෙන් ප්‍රතිලාභීන්ට බෙදාදීම සිදු කරන ලද අතර වැඩසටහන මෙහෙය වීම කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී විසින් සිදු කෙරිනි.


























