2022.06.23 රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වගා සැලැස්ම හා ප්‍රගති සමාලෝචන රැස්වීම

අහරින් සපිරි කොළොන් තොටක් - කොළොන් තොට වගා සංග්‍රාමය රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වගා සැලැස්ම හා ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ සම්බන්ධීකරණයෙන් 2022.06.23 දින රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
කොළඹ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂතුමා, කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමා, රත්මලාන සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය හා සහකාර සැලසුම් අධ්‍යක්ෂකතුමිය ද සහකාර, වසම්භාර සංවර්ධන නිළධාරීන්, සමෘද්ධි සංවර්ධන නිළධාරීන් හා ක්ෂේත්‍ර නිළධාරීන් විසින් රත්මලාන කොට්ඨාසයේ වගා සැලැස්මෙහි ප්‍රගතිය ඉදිරිපත් කරන ලදී.
මෙම අවස්තාව සඳහා අත්තිඩිය සහනෝදා පදනමේ අධ්‍යක්ෂ පූජ්‍ය හපුතලේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ හා රත්මලාන බෞද්ධ කටයුතු සමායෝජන ඉළුඹකන්දේ විනීත ස්වාමින් වහන්සේ ද වැඩම කළ අතර, කොට්ඨාසයේ රාඡ්‍ය ආයතන හා ස්වේඡා සමිති නියෝජන පිරිසක් ද සහභාගි වූහ. මෙහිදි වගා කටයුතු ආරම්භ කරන ලද ආයතන සඳහා බීජ හා පොහොර පැකට් බෙදා දීම ද දිස්ත්‍රික් ලේකම්තුමා විසින් සිදුකරන ලදී.


























