මහජන සේවාවන් Online හරහා කාර්යක්ෂම කිරීමේ වැඩසටහන

රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තවදුරටත් පහසු කිරීම සඳහා වේලාවක් වෙන් කරගෙන පැමිණීමේ පහසුකම් හදුන්වාදීමට ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය සමග වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ යටතේ තමන්ට අවශ්‍ය කාර්යයන් පහසු සුදුසු අවස්ථාවක පැමිණ කඩිනමින් සිදු කරගැනීමේ හැකියාව උදාවෙනවා.
එය අදියර කිහිපයකින් ක්‍රියාත්මක වන අතර, ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ප්‍රවර්ධන කටයුතු සඳහා හා මහජනතාවට අවශ්‍ය මාර්ගගත ක්‍රමයට (Online) බිල්පත් ආදිය ගෙවීම පහසු කිරීම සඳහා නියෝජිතයන් පත්කිරීම ද සිදු කෙරෙනවා.
මෙහි මූලික හඳුන්වාදීමේ වැඩසටහන 2021 ඔක්තෝම්බර් 08 දින රත්මලාන ප්‍රා දේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුනු අතර සඳහා රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.පී.එස්. මධුරංගි මහත්මිය, සහකාර අධ්‍යක්ෂක/ක්‍රමසම්පාදන ශානිකා උදයංගනි මහත්මියගෙ ඇතුළු නිලධාරීන් සහ මොබිටෙල් ආයතනය නියෝජනය කරමින් දිස්ත්‍රික් කළමනාකාරවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වුණා.


























