2022.05.21 ගෙවතු වගාව සඳහා එළවළු පැළ ලබාදීම වැඩසටහන

 රත්මලාන දෙහිවල ප්‍රාදේශීය කෝට්ඨාස‌යන්හි ගෙවතු වගාව පිළිබව උනන්දුවක් ජනතාව වෙත එළවළු පැළ, බීජ හා පොහොහොර බෙදාදීමේ වැඩසටහන් අද දින 2022 මැයි 21 දින රත්මලාන හා දෙහිවල ග්‍රාමනිලධාරී වසම් මට්ටමින් සංවිධානය විය. එහි ප්‍රධාන උත්සවය කොළඹ මහ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තිඩිය ස‌හනෝදය වැඩිහිටි නිවාස පරිශ්‍රයේදී පැවැත්වින. මෙම වැඩසටහන රත්මලාන සහනෝධය පදනමේ ව්‍යාපෘතියකට අනුව සංවිධානය කළ අතර වැඩසටහන සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් තුමා සම්බන්ධ වූ අතර රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මිය, දෙහිවල ප්‍රාදේශීය ලේකම් ‌ශිරෝමි ජීවමාලා මහත්මිය හා රත්මලාන දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහකාර ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාමනිලධාරීන් හා ආර්ථික සංවර්ධන නිලධාරින් ද සම්බන්ධ විය.

Scroll To Top