ප්‍රාදේශීය ඩෙංගු මර්දන වැඩසටහන - ප්‍රාදේශීය කමිටුව

රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජේ.එම් ජයතිලක මහතාගේ හා රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ මූලිකත්වයෙන් රත්මලාන ප්‍රාදේශීය ඩෙංගු මර්දන වැඩසටහනෙහි ප්‍රාදේශීය කමිටුව 2022 ජුලි මස 12 දින රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයීය රැස්වීම ශාලාවේදී පැවැත්වින. වැඩසටහන සඳහා රත්මලාන සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රි මදුරංගි මහත්මිය, රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නිලධාරී නදිකා ද සිල්වා මහත්මිය, සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් පී.වී.ඩී ද සිල්වා මහතා හා ග්‍රාම නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සම්බන්ධ විය. ප්‍රදේශය තුළ ඩෙංගු ව්‍යාප්තිය හා ඩෙංගු මර්දනය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා වැඩසටහන්වල සමාලෝචනය කිරීම මෙහිදි සිදුවිය.















