2021.11.22  රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම..

 රත්මලාන සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රි මධුරංගි මහත්මියගේ මූලිකත්වයෙන්, ළමා ආරක්ෂක අධිකාරීයේ අනුග්‍රහය සහ රත්මලාන ප්‍රාදේශීය ළමා ආරක්ෂක හා මනෝසමාජිය නිලධාරී ඉරුක ජයසිංහ මහතාගේ හා නිපුණතා සංවර්ධන නිලධාරී ඩී.පී වීරසිංහ මහතාගේ සංවිධානය යටතේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021 නොවැම්බර් 22 දින රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වින.

මෙහිදි දරුවන් වෘත්තීය පාඨමාලා සම්බන්ධයෙන් යොමු කිරීම සම්බන්දයෙන් නිපුණතා සංවර්ධන නිලධාරී ඩී.පී වීරසිංහ මහතා සහ රත්මලාන කාර්මික විද්‍යාල වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරී ජයසිංහ ප්‍රනාන්දු මහතා ද, මත්ද්‍රව්‍ය සදහා යොමු වී ඇති තරුණයන් පුනරුත්පානය, පසු රැකවරණය සහ ප්‍රජා ප්‍රතිකාර වැඩසටහන් සම්බන්දයෙන් රත්මලාන ප්‍රාදේශීය මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශන නිලධාරී ගෞරි කරුණාතිලක මහත්මිය ද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලදි.

මේ සඳහා රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන්, වසම් බාර සංවර්ධන නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් සම්බන්ද විය.

Scroll To Top