2021.10. 27 දින වෙඩිකන්ද වෙරළ තීරයේ දැනුවත් කිරීම

කොරොනා වංසගතය ව්‍යාප්තිය සමඟ දරුවන් අධ්‍යාපනය කඩා වැටිමකට ලක්ව ඇත. එමෙන්ම පාසල් හැරගිය දරුවන් නිශ්චිත විධිමත් වැඩපිළිවළිකින් තොරව සමාජගත වීම නිසා යම් යම් සමාජ අර්බුදයන් නිර්මාණය වීම සිදුවේ. වෙරළ තීරයෙ දරුවන් අතරමඟ අධ්‍යාපනය අතරමඟ නතර වීම සුලබ වී ඇති අතර කොරොනා වසංගතය නිසා එය තවදුරටත් වර්ධනය වී ඇත. දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තොරතුරු එකතු කිරීම හා ඔවුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ මඟ පෙන්වීම මත ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරී විසින් 2021 ඔක්තෝම්බර් 27 දින සංවිධානය කර ලදි.
ඒ අනුව ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී ඉරුක ජයසිංහ මහතා දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින ගැටළු සම්බන්දයෙන් ද, ප්‍රාදේශීය නිපුණතා සංවර්ධන නිලධාරී ඩී.පී වීරසිංහ මහතා පාසල් හැර ගිය දරුවන් 100ක් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් ද දැනුවත් කිරිමේ හා තොරතුරු එකතු කිරීම සිදු කළහ.















