වර්ෂ 2025 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන

රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි  බැංකු සංගම් 01කි.දැනට සමෘද්ධි  ප්‍රතිලාභ ලබන පවුල් නොමැති අතර ආයතනගත ප්‍රතිලාභින් 294/= සිටියි.

ඒ අනුව රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැනට ප්‍රථාන වැඩසටහන වන පවුල් සවිබලගැන්වීමේ වැඩසටහන සදහා එක් වසමකින් 2024 ජුනි මාසය දක්වා සමෘද්ධි සහනාධාර වැඩසටනෙහි සිටි ප්‍රතිලාභින් 12 දෙනකු සහ අස්වැසුමලාභි ප්‍රතිලාභින් 38 දෙනකු ලෙස එක් වසමකින් 50 දෙනකු සවිබලගැන්විමේ වැඩසටහන සදහා තොරාගත යුතුයි.

දැනට එම ප්‍රතිලාභින් සදහා ධාරිතා සංවර්ධන වැඩසටහන් සදහා රුපියල් 50,000/=ක්ද වෘත්තීය පුහුනු වැඩසටහන් සදහා රුපියල් 300,000/=ක්ද අලවි සංවර්ධන වැඩසටහන් සදහා රුපියල් 18,000/=ක්ද වශයෙන් ප්‍රතිපාදන ලැබී ඇත. ඉදිරියේදි මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභින් සදහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන ලැබීමට නියමිතයි.දැනට ලැබී ඇති ප්‍රතිපාදන වලින් වැඩසටහන් සිදුකරමින් පවතියි.

තවද සවිබලගැන්විමේ වැඩසටහන යටතේ දරුවන් 21 දෙනකු හොටෙල් පුහුණු පාඨමාලාව සදහා යොමුකර ඇති බවද පවසයි. ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ප්‍රතිලාභින් වැඩි පිරිසක් නියැලෙන ව්‍යාපෘතිය සදහා අවශය උපකරණ ලබාදීමට යෝජනා ලබාගනිමින් පවතියි.

Scroll To Top