2022.07.07 රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගෙවතු වගා නිරීක්ෂණය

 කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක වන අහරින් සපිරි කොළොන් තොටක් - කොළොන් තොට වගා සංග්‍රාම වැඩසටහන යටතේ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගෙවතු වගා නිරීක්ෂණය කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න මැතිතුමාගේ විසින් 2022.07.07 දින රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී සිදුකරන ලදි. අත්තිඩිය පුරාණ රජමහ විහාරය, අත්තිඩිය වික්ටෝරියා පෙරපාසල, ජෙමිස් පීරිස් වෙෂයර් වැඩිහිටි නිවාසය ඇතුළු ස්ථාන හා ගෙවතු වගාවන් නිරීක්ෂණය මෙහිදි සිදුවිය. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ක්‍රමසම්පාදක/ සැලසුම් අධ්‍යක්ෂ සේනක සිල්වා මහතා ද සහභාගී විය. රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසම් භාර සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් විසින් මෙම ගෙවතු වගා වැඩසටහන සම්බන්ධීකරණය සිදු කරනු ලබයි.

குடியுரிமை சாசனம்

Scroll To Top