'අහරින් සපිරි කොළොන් තොටක්' ගෙවතු වගාව ප්‍රවර්ධන කිරීමේ වැඩසටහන

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ නායකත්වය හා අධීක්ෂණය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ගෙවතු වගාව සඳහා ජනතාව පෙළඹවීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන  'අහරින් සපිරි කොළොන් තොටක්' රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වැඩසටහනෙහි තවත් පිවරක් 2022 ජුනි මස 06 වන දින රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. කාර්යාලයේ කේෂ්ත්‍ර නිලධාරීන් හා වසම් භාර සංවර්ධන නිලධාරීන් විසින් ගෙවතු හිමියන්, විහාරස්ථාන, හා පාසල් පිළිබඳ රැස්කරගත් තොරතුරු විශ්ලේෂණය කර වගා කටයුතු ආරම්භ කිරීම සඳහා බීජ, පැළ හා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගන්නා ආකාරය පිළිබඳව කටයුතු සංවිධානය කිරීම මෙහි අරමුණ විය. මෙම අවස්ථාව සඳහා රත්මලාන ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පුජ්‍ය බඹරපනේ සුගතනන්ද හිමි, අත්තිඩිය සහනෝදය පදනමේ අධ්‍යක්ෂ පුජ්‍ය හපුතලේ ප්‍රඥාරාම හිමි, රත්මලාන මල්ලිකාරාමාධිපති/රත්මලාන විහාරාධිපති සංගමයේ ලේකම් පුජ්‍ය රණස්ගල්ලේ ඥානවීර හිමි, රත්මලාන බෞද්ධ කටයුතු සමායෝජක පුජ්‍ය ඉළුඹකන්දේ විනීත හිමි ඇතුළු මහ සංඝරත්නය වැඩම කරන ලදි. රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැති මෙම වැඩසටහන සඳහා රත්මලාන සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රි මධුරංගි මහත්මිය, රත්මලාන සහකාර අධ්‍යක්ෂක (සැලසුම්) එල්.එම්.එස් උදයංගනි මහත්මිය, මූලස්ථාන සමෘද්ධි කළමනාකාරතුමිය ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන පැවැත්වින.

குடியுரிமை சாசனம்

Scroll To Top