Parental Awareness Programme 2019.07.19 ECCD Week At ratmalana DS Office

67700301 374422746553133 4736337776222404608 n67258121 374422769886464 1736834029463797760 n67370833 374422856553122 6334269956288413696 n

In Service Pre School Teacher Traning Ratmalana 2019.06.24-30

65733868 365526360776105 4962437035211096064 n65542891 365523840776357 3055719207896350720 n65822583 365523947443013 7890154771598802944 n66054075 365525920776149 2313200563069648896 n65822314 365523920776349 2870528816617357312 n65490023 365523887443019 9112858186116759552 n

Your text...

kaluthara

Your text...

Ratmalana

රත්මලානේ ඓතිහාසික ස්ථාන 

1245

Anuradhapura

අනුරාධපුර පූජනීය අටමස්ථානය

මෙරට බෞද්ධයන්ගේ ආගමික හා සංස්කෘතියේ ආරම්භය ලෙස සැලකෙන්නේ අනුරාධපුර යුගයයි. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මෙරටට රැගෙනෙ ආ බුදු දහම නිසා ලක්වාසීන්ට සංවිධානාත්මක ආගමික ස්ථාවරයක් ඇති විය. ඒ ආගමික නිදහසත් බුදු දහමට ලැබුණු රාජානුග්‍රහය නිසාත් බුදු දහමේ සිතීමේ හා විමසීමේ නිදහස නිසාත් ජනතාවට වඩාත්ම ළං වූ ආගමක් බවට පත් විය. ඒ අනුව මෙරට රජතුමා බෞද්ධ විය යුතුය යන සංකල්පයත්, බෞද්ධාගමේ සංකේත ලෙසින් චෛත්‍යය ඇතුළු ආගමික ස්ථාන ඉදි කිරීමත් රජතුමාගේ ප්‍රධාන වගකීමක් බවට පත් විය. ඒ අනුව අනුරාධපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් බෞද්ධ සිද්ධස්ථාන ඉදි කිරීම ආරම්භ විය. අටමස්ථාන සංකල්පය බිහි වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව බුදු සසුන පිහිටුවීමට වැඩම වූ අවස්ථාවේ උන්වහන්සේ ගේ අවධානයට ලක් වූ ප්‍රධාන ස්ථාන අටමස්ථාන ලෙස හැඳීන් වේ.

රුවන් වැලි මහා සෑය

z p49 Anuradapura 01

දේවානම්පියතිස්ස රජතුමා රුවන් මළුව නම් බිමේ ශිලා ස්ථම්භයක තම මුණුබුරෙකු අනාගතයේදී එහි ස්තූපයක් කරවන බව සදහන් කර ඇත. මෙය දුටු දුටුගැමුණු රජු එහි මහාසෑය කර වූ බවත් පසුව ඵය රුවන්වැලි සෑය නමින් ප්‍රසිද්ධ වූ බවත් සැලකේ. වර්තමානයේ අනුරාධපුරයේ තිබෙන ප්‍රධානතම පූජනීය චෛත්‍යය ලෙස සැලකේ. වැඩිම සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රමාණයක් තැන්පත් කර ඇති චෛත්‍යයද මෙය බව සැලකේ. විෂ්කම්භයෙන් අඩි 370 පමණ වූ ස්තූපය ගිලා නොබැසීම සඳහා රියන් සතක් ගැඹුරට අත්තිවාරම් කපා ගල් දමා ඇතුන් ලවා පාගවා සිනිදු මැටි යොදා , යකඩ දැල් දමා ශක්තිමත් කළ අයුරු අපේ ඉතිහායේ සඳහන් වේ. ධාතු ගර්භය ගල් පුවරු හයකින් නිමවා ඇත. රුවන්වැලි සෑය දුටුගැමුණු රජුගේ තෙවැනි ආගමික නිර්මාණය විය. වෙසක් මස පසළොස්වක පොහෝ දිනයක මුල් ගල තබා වැඩ අරඹා එවකට ලංකාවේ විශාලම චෛත්‍යය ලෙස වැඩ නිම කරන ලදි. ද්‍රෝණයක් පමණ සර්වඥධාතු තැන්පත් කර ඇති අතර පන්සිය පනස් ජාතකය ද බුදු සිරිතේ විවිධ අවස්ථා ද රන් පත් ඉරුත නිරූපණය කොට ඇතැයි ථූපවංශය ආදී මූලාශ්‍ර වල දැක්වේ. රුවන්වැලිසෑයේ වට ප්‍රමාණය අඩි 942 කි.

ශී‍්‍ර මහා බෝධින් වහන්සේ

 

 z p49 Anuradapura 02

 

සිදුහත් බෝසත් තුමා බුද්ධගයාවේදී බුද්ධත්වයට පත් වන විට ඊට සෙවණ ලබා දුන් බෝධි වෘක්ෂයේ දකුණු ශාඛාව ධර්මාශෝක රජතුමාගේ දියණිය වන සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම වූ පසු දෙවනපෑතිස් රජු එය අනුරාධපුරයේ බෝධීන් වහන්සේ අද වැඩ සිටින ස්ථානයේ රෝපණය කළේය. දෙවනපෑතිස් රජ සිරිලක මහා දඹකොළපටුනට ගොස් බෝධීන් වහන්සේ පිළිගත්තේ කරවටක් දියඹට ගොස් බවත් ඉතිහාසයේ දැක්වේ. එමෙන්ම ලක් රාජ්‍ය බෝධීන් වහන්සේට පූජා කළ බවත් දැක් වේ. ශී‍්‍ර මහා බෝධි මළුවේ මළු පහක් තිබේ. ඒවා නම් උඩ මළුව, රන්වැට මළුව, විහාර මළුව, දේවාල මළුව, වැලි මළුවය. මීට අධිගෘහිත දෙවියා ලෙස සැලකෙන්නේ කලු දේවතා බණ්ඩාර හෙවත් විෂ්ණු දෙවියන්ය. බෝධීන් වහන්සේ හා සම්බන්ධිතව අද දක්වාම පැවතගෙන එන චාරිත්‍ර අතර දරමිටි පෝය හෙවත් ඇසළ පෝය සැමරීම, අලුත් සහල් මංගල්‍යය, පරණ අවුරුදු සහ අලුත් අවුරුදු මංගල්‍යයන් කාර්තික නම් වු විෂ්ණු දේව මංගල්‍යය දැකිය හැකිය. ලෝකයේ දීර්ඝතම ලිඛිත ඉතිහාසයක් ඇති වෘක්ෂය ලෙස හැඳීන්වේ.

 

 මිරිසවැටිය

 

z p49 Anuradapura 03

මිරිසවැටිය චෛත්‍ය ඉදි කිරීම සම්බන්ධව ප්‍රධාන මත දෙකක් තිබේ. එයින් වඩාත් ප්‍රසිද්ධ හා ඓතිහාසිකව පිළිගැනෙන මතය මිරිස් මාළුව හා සම්බන්ධ කතාවයි. මහා වංශයේ සදහන් පරිදි දුටුගැමුණු රජු අත පසුවීමකින් භික්ෂූන්ට අග්‍ර කොටස පිළි නොගන්වා මිරිස් මාළුවක් ආහාරයට ගත් නිසා මිරිසවැටිය නමින් දැගැබක් ඉදි කර එය භික්ෂූන් වහන්සේට පිළි ගැන්වූ බවයි. අනෙක් මතය වන්නේ දුටුගැමුණු රජු එළාර රජු සමඟ සටන් කොට ජයලබා අභිෂේක කොට හත් වැනි දින ජලකෙළියට තිසා වැවට බසිනා විට මිරිසවැටිය ඉදි කරන ලද ස්ථානයේ තම සධාතුක ජය කොන්තය තැබූ බවත් පසුව එය ගැනීමට හැදුමුත් සෙලවීමටත් නොහැකි වූ බවත් එයද තැන්පත් කොට මිරිසවැටිය කරවූ බවක්ද කියවේ. ථූපයේ හා ආරාමයේ වැඩ වසර 03 කින් නිම කරන ලද අතර මිරිසවැටි උත්සවයට භික්ෂු භික්ෂුනීන් ලක්ෂ 02 ක් පමණ සහභාගි වු බවද කියැවේ.

 

ජේතවනාරාමය

 

අභයගිරි දාගැබ

 

Kandy

අපි විනෝද හෝ අධ්‍යාපනික චාරිකාවක් යන්න තෝරාගන්න විවිධ ප්‍රදේශ තියෙනවා, ඒ අතරේ අනුරාධපුරය, නුවර, නුවරඑළිය වගේ පැති විශේෂයි. ඒ අතරිනුත් මහනුවර කියන්නේ අපි බොහොම කැමැත්තෙන් සංචාරය කරන්නට පෙළඹෙන තැනක්.

ඒ කොහොම නමුත් පේරාදෙණිය උද්භිද උද්‍යානය, මහනුවර දළදා මාලිගාව, නුවර වැව වගේ සංචාරය කරන්නන්ගේ ආකර්ෂණය දිනාගත් තැන් කිහිපයක් හැරුණාම අපි නුවර අවට වෙනත් තැන් ගැන නොදන්නා තරම්. නමුත් මේ ප්‍රධාන ස්ථාන කිහිපයට අමතරව නුවර වගේම නුවර අවට සංචාරක ආකර්ෂණය තිබෙන ස්ථාන රාශියක් පවතිනවා.මේ එවැනි සංචාරක ආකර්ෂණයක් සහිත මහනුවර ප්‍රදේශයේ ඇති ස්ථාන කිහිපයක්.

 

නෙල්ලිගල විහාරය

nelligala

මනරම් කඳු මුදුනක පිහිටා ඇති නෙල්ලිගල විහාරය ඔබ වරක් ගියෝතින් නැවත නැවතත් යන්නට ආසා හිතෙන වටපිටාවකින් යුතු බව අනිවා කියන්නට ඕනේ. කේශ ධාතුන් වහන්සේලා වැඩ සිටින පින්බිමක් වෙන මේ වෙතට පැමිණීමට පේරාදෙණිය, පොල්ගහමුල මංසන්ධියෙන් මුරුතලාව නගරයේ සිට කිලෝමීටර් තුනක පමණ කුඩා මාර්ගයක් හරහා පැමිණෙන්නට පුළුවන් කම තිබෙනවා

 

ගල් මඩුව පන්සල

galmaduwa

මහවැලි ගඟ අසල පිහිටලා තියෙන නත්තරම්පොත කියන ගමේ තමයි ගල්මඩුව රජමහා විහාරය පිහිටලා තියෙන්නේ. මේ විහාරයේ ආරම්භය ගැන මත කිහිපයක් පවතිනවා. එකක් තමයි මේ විහාරය ගොඩ නගා තිබෙන්නේ 18 වන සියවසේ කියන එක. නමුත් පසුගිය කාලයේ පැරණි බෝධිප්‍රාකාරයක තිබී හමුවූ බ්‍රාහ්මී අක්ෂර සහිත ගඩොල් වලට අනුව මේ විහාරය අනුරාධපුර යුගයට අයත් වෙන්නටත් හැකි බවටත් පුරා විද්‍යාඥයින් මත පළකරනවා.

නමුත් තවත් පුරාවිද්‍යා විද්වතුන් පවසන්නේ සමහර විට විහාරය ගොඩ නගන්නට පෙර මේ බිමේ අනුරාධපුර යුගයට අයත් ගොඩනැගිල්ලක් තිබෙන්නට ඇති අතර එහි ගඩොල් වලින් විහාරයේ බෝධි ප්‍රාකාරය තනන්නට ඇති බවයි.

 

 

රණවන පුරාණ රජමහා විහාරය

purana

ගම්පොල යුගයේ බුවනෙකබාහු රජතුමාගේ රාජ්‍ය කාලයට අයත්වෙන රණවන පුරාණ විහාරය කියන්නේ බොහොම සුන්දර බිතුසිතුවම් වලින් පිරි ලෙන් විහාරයක්. විහාර භූමියෙන් හමුවූ තඹ ලෝහයෙන් නිමවපු කරඬුවක් නිසා මේ විහාරය ප්‍රසිද්ධ වී තිබෙනවා.

එමෙන්ම දැවයෙන් නිම කල සමාධි පිළිමයක් තිබෙන්නේත් මේ විහාරයෙයි. පුරාණ ලේඛන වලට අනුව ගම්පොල රාජ්‍ය සමයේදී එය දිරාගොස් තිබෙන අතර පසුව එම යුගයේම වෙනත් සමාධි පිළිමයක් තැම්පත් කර තිබෙනවා. වර්තමානයේ දකින්නට ඇත්තේ ඒ දෙවන සමාධි පිළිමයයි.

අන්තර්ජාලය ඇසුරින්...........

dengue preventing1ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීමක් 2017.06.21 වන දින කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුජුබර් රහුමාන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මේ සඳහා පොලීසිය, දේශපාලන නායකයින්, ප්‍රජා සංවිධාන, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය.

 

 DSC00579 රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ජුලි 18 මස  වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ග්‍රේරු මැතිතුමා හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනීයගේ ප්‍රධානත්වයෙන් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම රැස්වීමට නගරාධිපතිතුමා, ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

leadership training2බස්නාහිර පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවක් 2017 අගෝස්තු 06 වන ඉරිදා දින කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

News & Events

09
අගෝ2019
Ealry Child Development

Ealry Child Development

Parental Awareness Programme 2019.07.19 ECCD Week At ratmalana DS Office...

28
සැප්2018
Beautiful Sri Lanka

Beautiful Sri Lanka

Your text... kaluthara kaluthara Your text... Ratmalana...

Scroll To Top